Sri Lankan Astronomy
Sri Lankan Astronomy is a premier Sri Lankan web site which dedicates Sri Lankan individuals to develop their knowledge on Astronomy.
Dr. Sarath Gunapala
(1)ආචාර්ය සරත් ගුණපාල මහතා
(2)එතුමා නිපදවූ අධෝරක්ත කිරණ කැමරාව
(3)අධෝරක්ත කිරණ කැමරාව සවි කර තිබූ ෆාත්ෆයින්ඩර් යානය
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙක් වන ඇමෙරිකාවේ නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන තාරකා විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතා අභ්‍යවකාශ විද්‍යාඥයෙක් වන අතර ඝනත්ව පිළිබඳ (solid state) භෞතික විද්‍යාඥයෙක් ද වෙයි.
1979 දී එතුමා කොළඹ විශ්වවිද්‍යාලයයෙන් භෞතික විද්‍යා උපාධිය සඳහා පළමු පෙළ ගෞරව සමාර්ථයක් හා , ඇමෙරිකාවේ පීටර්ස්බර්ග් සරසවියෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව විෂය සමත් වී ආචාර්ය උපාධියත් ලබාගෙන තිබේ. කලක් ඇමෙරිකාවේ AT & T ආයතනයේ පර්යේෂණ නිලධාරියකු ලෙස සේවය කළ ආචාර්ය ගුණපාලයන් නාසා ආයතනයට එක්වී ඇත්තේ 1991 වසරදී ය.
ආචාර්ය සරත් ගුණපාලයන් 1994 දී නාසා ආයතනයෙන් අඟහරු ලොවට යැවු ටෙරස්ටිසල් ප්ලැනට් ෆයින්ඩර් යානයට අනුබද්ධිත ස්පෙස් ඉන්ටෆෙරෝ මීටර් (ෆාත්ෆයින්ඩර් යානය) නම් චන්ද්‍රිකාවේ සවි කර තිබූ අධෝරක්ත කිරණ කැමරාව නිර්මාණය කරමින් අප රටට විශාල විශ්ව කීර්තියක් අත් කර දුනි. 2012 දී නාසා ආයතනය විසින් අඟහරු මත ගොඩ බස්වනු ලැබූ කියුරියෝසිටි රොබෝ යානයේ සවි කරන ලද සෑම් නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේද සරත් ගුණපාල මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසිනි.
2006 වසරේදී එතුමා සිප් සතර හැදෑරූ නාලන්දා විද්‍යාලයෙන් නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුනේය. මෙතුමා දිවයිනට පැමිණි කිහිප අවස්ථවකදීම අටපට්ටම, දොරමඬලාව වැනි වැඩසටහන් තුළින් තමා ලත් අත්දැකීම් හා තම දැනුම මෙරට ජනතාව අතර බෙදා හැර ඇත.
ආතර් සී ක්ලාක් මහතා උපත ලැබුවේ එංගලන්තයේ වුවද 1956 දී අප රටට පැමිණ පුරවැසිභාවය ලබා 2008 මාර්තු 19 දින ශ්වසන අපහසුතාවකින් මිය යන තුරුම මෙරට වාසය කළේය.එතුමා භූස්ථාපිත(Geostationary) චන්ද්‍රිකා පිළිබද අදහස වර්ධනය කිරීමට කටයුතු කල අයගෙන් පුරෝගාමියෙකි. දෙවන ලෝක යුධ සමයේදී රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් විශේෂඥවරයකු ලෙස කටයුතු කළ මෙතුමා යුද්ධයෙන් පසුව British Interplanetary Societyහි සභාපති ලෙස කටයුතු කළේය.රොකට් හා අභ්‍යවකාශ තරණය පිළිබද පොත් පලකිරීමටද ක්ලාක් මහතා උනන්දු වූයේය.Exploration of the space හා The promise of the space මීට උදාහරණ ලෙස දැක්විය හැක.ගත් කතුවරයකු ලෙස ඔහු Loophole, Rescue Party, A Fall of Moondust, The City and the Stars, Childhood's End නම් පොත් පළ කළේය.
Dr.Arthur C. Clerlk
The Arthur C Clarke Institute for Modern Technologies (ACCIMT) is a state institution for research & development and training. This institute specializes in the disciplines of Electronics, Micro-electronics, Telecommunications, Information Technology, Space Technologies, Robotics and other related fields of modern technologies. Established in its present corporate form as a Statutory Board by the Science and Technology Development Act No. 11 of 1994, the institute is operating within the purview of the Ministry of Technology and Research.
For more details: